අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාජ ලිපිලේඛණ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කිරීම පිළිබද පරීක්ෂණයක්

    අප්‍රේල් 22, 2019

    දිවයින පුරා ප්‍රදේශ කිහිපයක අද සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලට පැමිණ රෝගීන්ගේ සුවදුක් විමසමින් නිලධාරීන් සමග අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් සියලු දෙනා රෝහල්වලට රැගෙන එනු ලැබුවේ ගිලන් රථ වලින්. යුද්ධය පැවැති කාලයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් රැගෙන එනු ලැබුයේ ලොරි රථ හා බස් රථ මගින්. තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති සෑම රෝහලකටම අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙනවා. ශල්‍යාගාර දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක අතර, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද අගය කළා. මෙම අවස්ථාවේ දී සාමකාමීව කටයුතු කළ යුතුයි. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දෙකකට මමත් ලක් වුනා. ඇතැම් විට ජාතිවාදය අවුලවන්න පුළුවන්. දේශපාලන වාසි ලබාගන්න පුළුවන්. සියලු දෙනාම ජාති ආගම් කුල බේදයෙන් තොරව කටයුතු කළ යුතුයි. දකුණේ මෙන්ම උතුරේ ත්‍රස්තවාදයට මම විරුද්ධයි. එය පරාජය කළ යුතුයි. ජනතාව සාමකාමීව සිටින්න. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවා අවශ්‍ය පියවර ගන්නා අතර, ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ජනතාව උදවු කළ යුතුයි. කට කතා වලට රැවටෙන්න එපා. මීට පෙර ද කටකතා පැතුරුනා.”

    “සමාජ ජාලා වෙබ් අඩවි වල පළ වූ ලිපියක් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විවිධ කල්ලි ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කර තිබෙනවා. මේවා හදලා නිකුත් කළේ කවුද කියලා සොයා බලනවා. මුළු දිවයිනටම බලපාන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළීවෙළක් ක්‍රියාත්මකයි.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya