අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින්-සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 21, 2019

    පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

     අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    රජය බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.සිද්ධිය පිළිබඳ  පුළුල් පරීක්ෂණ ආරක්ෂක ආරම්භ කර තිබෙනවා. කට කතාවලට නොරැවටී විමර්ශන සඳහා සහාය ලබාදෙන
    ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    සමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම අත් අඩංගුවට  ගන්නට කටයුතු කරනවා.මේ රට තුළ කිසිදු අන්තවාදී සංවිධානයකට වැඩකටයුතු ක්‍රියාත්මක කරන්නට ඉඩ  දෙන්නේ නෑ.ඒ සඳහා ශක්තිය යොදවා ක්‍රියා කරනවා.ගුවන්තොටුපල හා අනෙක් ස්ථානවලට නිසි ආරක්ෂාව සලසා තිබෙනවා. හදිසි වෙන්න එපා. කටකතාවලට හසු වෙන්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya