අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුධිරය පරිත්‍යාග කිරීමට විශාල ජනතාවක්

    අප්‍රේල් 21, 2019

    අද(21) උදෑසන කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් වලින් තුවාල ලබා ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ලේ ලබා දීමට රුධිර දායකයන් විශාල ප්‍රමාණයක් නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානය සහ අනෙකුත් නගරවල ඇති ලේ බැංකු වෙත පැමිණෙමින් සිටී.

    මේ හේතුවෙන් නාරාහේන්පිට සහ අනෙකුත් නගර වල ඇති රුධිර පාරවිලේන මධ්‍යස්ථාන අසල විශාල තදබදයක් ඇති වී තිබෙන බවත් එය පාලනය කර ගැනීමට අපහසු බවත් ජාතික රුධිර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අප සමග පවසා සිටියහ.

    එහෙත් මේ මොහොතේ ප්‍රමාණවත් තරම් රුධිර ගබඩා තමන් සතුව ඇති බවත්, ඉදිරි දින වලදී මෙම තුවාල කරුවන් සඳහා රුධිරය අවශ්‍ය විය හැකි බැවින් ඉදිරි දින වලදී මෙම රුධිරය ලබා දෙන ලෙසත් රුධිර දායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් විජිත් ගුණසේකර මහතා  වැඩිදුරටත් සඳහන් කරන ලදී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya