අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දශක තුනක මාතර කතාව” ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කරයි- “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීම අද

    අප්‍රේල් 21, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ සංකීර්ණයේ පැවැත්වෙන “දශක තුනක මාතර කතාව” ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම ඊයේ (20) අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කළේ ය.

    අමාත්‍යවරයා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණු සමයේ සිට පසුගිය දා සිදු කළ නිව්යෝර්ක් සංචාරය දක්වා වූ විවිධ තීරණාත්මක අවස්ථාවන්ට අයත් ඡායාරූප විශාල පිරිසක් මෙම ප්‍රදර්ශයනට ඇතුළත් කර තිබේ. ප්‍රදර්ශනය අද (21) මධ්‍යාහ්න 12.00 දක්වා පැවැත්වෙයි.

    තවද මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලළා පැවැත්වෙන විශේෂ උත්සවය අද පස්වරු 3.00ට රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී ආරම්භවීමට නියමිතය.
    මෙම උත්සවයේ දී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලළා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya