අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

    අප්‍රේල් 21, 2019

    ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් මහතා ඇතුළු නියෝජිත පිරිස පසුගිය (අප්‍රේල් 18) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.

    එහිදි, නාවික සම්ප්‍රදායනුකූලව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව විධාන මූලස්ථානය වෙත නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

     පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිමෙන් පසුව, නැගෙනහිර නාවික විධානයේ කාර්යභාර්ය පිළිබඳව ආඥාපති විසින් එම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කටයුතු කළ අතර, පකිස්තානු නියෝජිත පිරිස විසින් සිය අධ්‍යයන කටයුතු පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

     ඉන් අනතුරුව නියෝජිත පිරිස නාවික තඨාකාංගණයේ පිහිටි කෞතුකාගාරය නැරඹිමට ද එක් වූ අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    පසුව නාවික හා සාගරික විද්‍යාපිඨයේ සංචාරයකට එක් වූ නියෝජිත පිරිස නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස මහතා හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වීය. එහිදි දෙරටේ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය. එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

     

    මෙම අවස්ථාවන් සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya