අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 වර්ෂයේ රාජ්‍ය වෙසක් දින උත්සවය වෙනුවෙන් ගාල්ලේ විහාරස්ථාන පිළිසකර කෙරේ

    අප්‍රේල් 19, 2019

    2019 වර්ෂයේ රාජ්‍ය වෙසක් දින උත්සවයට ගාල්ල වෙහෙර විහාරස්ථාන පිළිසකර කොට සංවර්ධනය කෙරේ.

    ශ්‍රී බු.ව 2563 රාජ්‍ය වෙසක් දින උත්සවය ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්වත්තේ, තොටගමුව රන්පත් රජමහා විහාරයේ දී මැයි මස 15 වැනි දින 21 දින දක්වා පැවැත්වේ.

    මේ යටතේ විහාරස්තාන සහ දහම්පාසල් 200ක් වැඩි දියුණු කිරිමට නියමිතය. එක් විහාරස්තානයකට අවම ලක්ෂ 02කට නොවැඩි මුදලක් මිට වැය කිරිමට නියමිතය.මේ යටතේ, විහාරස්ථානයන්හි සානිපාරක්ෂක පහසුකම්, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරිම,දහම්පාසල් වැඩිදියුණු කිරිම සිදුවන බව, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු ඒකකය පෙන්වා දෙයි.

    එමෙන්ම පාසල් දුවා දරුවන් 3000ක පමණ පිරිසක් ශිල සමා දානයේ පිහිටු විම,භාවණා පුහුණු වැඩසටහන්, පැරණි පුස්කොලපොත් සංරක්ෂණය කිරිම, ගාලු විහාරවංශය රචනා කිරිම ,දහම් පාසල් ගොඩනැගිලි වැඩිදියුණු කිරිම, පුරාණ විහාරස්ථාන සංරක්ෂණය කිරිම යටතේ පුරා විද්‍යාත්මක ගොඩ නැගිලි සංරක්ෂණය,විහාරස්තාන භුමි නිරවුල් කිරිම,විහාරස්තාන ආශ්‍රිත රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, බෞද්ධ සාහිත්‍ය පිළිබඳ පාසල් දු දරුවන් දැනුවත් කිරිම, මත් නිවාරණ වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරිම, මෙන්ම දිළිඳු පවුල් වල දරුවන් 500ක් සඳහා ශීෂ්‍යාධාර ලබා දිම, අධ්‍යපනික හා සංස්කෘතික ප්‍රදර්ශණ,විහාරස්තාන මර්ග පිළිසකර කිරිම යනා දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් රාජ්‍ය වෙසක් දින උත්සවයට සමගාමිව පැවැත්වේ.

    රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන, හික්කඩුව තොටගමුව ඓතිහාසික රත්පත් රජ මහවිහාරය සංවර්ධනය කිරිම සඳහා ලක්ෂ 200ක මුදලක් වැය කෙරනඅතර, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya