අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වසන්ත සැණකෙළිය-“සතුට පිරිණු අපේ පවුල” වෙළඳ ප්‍රදර්ශණය

    අප්‍රේල් 19, 2019

    නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව ළමා හා කන්තා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් “සතුට පිරිණු අපේ පවුල” විශේෂ දැනුවත් කිරීමේ සහ වෙළඳ ප්‍රදර්ශණය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්.පුෂ්පකුමාර මහතා සහ නුවරඑළිය නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින විවෘත විය.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්.පුෂ්පකුමාර මහතා සහ නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ළමා හා කාන්තා ඒකකය, ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය, නුවරඑළිය මහ නගර සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය එක්ව මෙය සංවිධානය කර තිබිණි.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ළමා හා කාන්තා ඒකකය සහ වර්ල්ඩ් විෂන් ආයතනය එක්ව ළමා හා කන්තා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සහ ළමා විනෝද ක්‍රිඩා අංග රැසක් මෙම ස්ථානයේ පවත්වාගන යනු ලබන අතර එය වැඩිහිටියන් සහ දරුවන්ගේ වැඩි ආකර්ෂණයට ලක්ව ඇත.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරාගත් කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන පහසු මිලට ලබාගැනීමටද මෙහිදි ජනතාවට අවස්ථාව හිමිව තිබේ.

    නුවරඑළිය ගාමිණි ජාතික පාසල ඉදිරිපිට පිහිටි නගර සභා පිටියේ ආරම්භවු මෙම විශේෂ දැණුවත් කිරීමේ සහ වෙළඳ ප්‍රදර්ශණය ලබන 24 දින දක්වා පවත්වාගන යාමට සැළසුම් කර ඇති බව දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරි රසිකා අරුන්දති ජයසිංහ මහත්මිය පැවැසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya