අගෝස්තු 25, 2019
tami eng youtube  twitter facebook

    නුවරඑළිය නව මහ රෝහල කඩිනමින් විවෘත කිරීමට පියවර

    අප්‍රේල් 18, 2019

    නුවරඑළිය නව මහ රෝහල ඉදිරි දෙමස තුල විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    නෙදර්ලන්තයේ EN ව්‍යාපෘතිය යටතේ යුරෝ මිලියන 39.6 ක මුදලක් වැය කරමින් නුවරඑළිය නව මහ රෝහල ඉදිකරන ලදි. මෙම රෝහල විවෘත නොකිරීම පිළිබදව මාධ්‍යයේ පළවූ වාර්තා කෙරෙහි අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ නුවරඑළිය නව මහ රෝහලේ වෛද්‍ය උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

    කොන්ත්‍රාත් සමාගමෙන් ප්‍රධාන ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර ගැනීම ද ඉදිරි දින වල දී සිදු කිරීමට නියමිතය. මේ වනවිට නව මහ රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ක්‍රියාත්මක වන්නේ පැරණි මහ රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසයි. නුවරඑළිය මහ රෝහල ඉදිකිරීම ආරම්භ වූයේ පසුගිය රජය සමයේ වුවත් එහි සිදු වී ඇතැයි කියන වංචා හා දුෂණ හේතුවෙන් ඉදිකිරිම් කටයුතු සහ වෛද්‍ය උපකරණ ගෙන්වීම ප්‍රමාද වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙම රෝහලට සමගාමීව ඉදිකරන ලද විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය සහ හෙද නිල නිවාස සංකීර්ණ මේ වන විට විවෘත කර ඇත.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya