අගෝස්තු 25, 2019
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලබන මාසයේ චීනයෙන් ඇරඹේ

    අප්‍රේල් 17, 2019

    ''ශ්‍රී ලංකා තේ'' ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්  ක්‍රියාත්මක කිරීමට යන ප්‍රචාරක වැඩපිළිවෙල මැයි මාසය අගභාගයේ දී චීනයේ බෙයිජිං නුවරින් ආරම්භ කිරීමට යයි.

    ඉන් අනතුරුව ජපානය,රුසියාව,එක්සත් ජනපදය,ජර්මනිය,යුක්‍රේනය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් නවයක තේ ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    ලෝක ජනප්‍රිය පුද්ගලයින් මාර්ගයෙන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන නවතම ක්‍රමයට මෙම ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද සභාපතිවරයා පැවසී ය.

    ලබන මාසයේ චීනයෙන් ඇරඹෙන ප්‍රවර්ධන වැඩසටහන සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද සහභගී වීමට නියමිතය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya