අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුදු සුභාශිංශන පණිවුඩය- දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන මොහොතකය

    අප්‍රේල් 14, 2019

    මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භකුත් විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.


    මිහිතලය මත ජීවයේ පැවැත්ම පිණිස හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිසුන් මේ ග්‍රහවස්තු යුගලයට ‍බැතියෙන් වන්දනාමාන කළහ. සොබාදහම දේවත්වයෙන් සැලකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුන්ගේ ද පිළිවෙත විය.

    මේ අනුව වාර්ෂිකව හිරු සඳු වන්දනා කිරීමට මෙරට ජනතාව අවුරුදු සමයෙහි පෙළඹුණහ. වාර්ෂිකව බක් මාසයේ හිරුගේ මුදුන්වීම උත්සවශ්‍රීයෙන් සමරන සිංහල හා දෙමළ ජනතාව නව වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය ද ඉටු කරති.

    වා්රෂික සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ උළෙලකි. අස්වනු නෙලා ගෙට ගැනීමෙන් අනතුරුව බුදුන්ට දෙවියන්ට පූජා කොට ඉන් පසු පරිභෝජනයට ගන්නා මේ සමය සැබැවින්ම සන්තුෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සමය ලෙස ද ජනතාව ස්වකීය ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවකි. බක් යනුවෙන් මේ මාසය හඳුන්වනුයේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවිනි. ගස් වැල්වල නව මල් පල හටගැනෙන, සොබාදහමේ සියලු ප්‍රකාශනයන්හි උද්දාම බවක් දක්නට ලැබෙන මේ කාලසීමාව සතුටු උදාවක් බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හඳුන්වමු.

    අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙඳපොළ යන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම පිණිස මෙවර අපගේ අවධානය යොමු විය යුතුය. ස්වභාව ධර්මයේම දරුවන් වන අපි එය අපට බැහැරින් ඇති යමක් ලෙස සලකා ඊට අවහිර කෙළෙමු. දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන මොහොතක් වෙතය.

    අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාවට මෙන්ම එතෙර දිවි ගෙවන සියලු ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya