මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල, දමිළ අලූත් අවුරුද්ද- සුභාශිංසන පණිවුඩය- මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක්

    අප්‍රේල් 14, 2019

    සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නිවේද්නයේ මෙසේ ද සඳහන් වෙයි...

    අලූත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි මේ සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලූත් කරන අතරම, මනුෂ්‍ය සමාජය තුළ ද ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කොටගෙන නිර්මාණය වී ඇත. උතුරු - දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලූත් අවුරුද්ද අප ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයකි. අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් ය. ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලූත් අවුරුද්දක් වේවායි හෘදයාංගමව සුභාශිංසන එක්කරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya