අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොණරාගල බිබිල වතුයායේ ඉදිකළ නිවාස ජනතා අයිතියට

    අප්‍රේල් 12, 2019

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි මොණරාගල බිබිල වතුයායේ ඉදිකරන ලද නිවාස 13 ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

    නිවාස සඳහා ජලය, විදුලිය සහ අභ්‍යන්තර මාර්ග ඇතුළත් අතර මේ සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් වැය කර ඇති මුදල රුපියල් එක්කෝටි පනස් පන් ලක්ෂයකි.

     මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ, වැවිලි ප්‍රජාවට මෙවැනි මනරම් නිවසක් හිමිවීම සම්බන්ධයෙන් ගරු පලනි තිගාම්බරම් අමාත්‍යතුමාට තමන් ස්තූතිය පුදකරන බවයි. වැවැලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පලනි තිගාම්බරම් අමාත්‍යවරයා ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේද ඇගයීමකට ලක්ව ඇති බව ද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ය. තම ඉල්ලීම පරිදි මොණරාගල කුමාරවත්ත වතුයායේද නිවාස 150 ක් ඉදිවෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා,ඉදිරියේදී තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගත් තැබෙන බව කීය.

    මෙම අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් අරුණ රත්නායක මහතා, බිබිල ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා විජේසිංහ මහත්මිය, වතු අධිකාරි හරේන්ද්‍ර මැදිවක මහතා, බිබිල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනිල් බණ්ඩාර මහතා, බිබිල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya