අප්‍රේල් 19, 2019

tami eng youtube google twitter facebook

    සිංහල අවුරුදු සමයේදී කිසිදු බාධාවකින් තොරව ජනතාවට පානීය ජලය බෙදා හරින ලෙස උපදෙස්

    අප්‍රේල් 12, 2019

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයකට පානීය ජලය බෙදීමේ කටයුතු ආරම්භ කර ඇත.ඇතැම් ප්‍රදේශ සදහා අදාළ ප්‍රාදේශිය සභාව මගින් ජලය බෙදා හරිනු ලබන අතර ඇතැම් ප්‍රදේශ සදහා ආපදා කළමනාකරණ අංශය මඟින්ද ජලය බෙදා හැරේ.

    මෙම වියළි කාලගුණ තත්වයත් සමඟ සිංහල අවුරුදු සමයේදී කිසිදු බාධාවකින් තොරව ජනතාවට පානීය ජලය බෙදා හරින ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අදාළ සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදුණි.මේ සදහා ජලසම්පාදන මණ්ඩලය,ආපදා කළමනාකරණ ඒකකය,ආපදා සහන සේවා අංශය,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය යන ආයතන මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණය වෙත කැදවා අදාළ උපදෙස් ලබා දුන් අතර ඉදිරි උත්සව සමයේදී වියළි කාලගුණය තවත් වැඩි වුවහොත් ඒ ප්‍රදේශ හඳුනාගෙන එම ජනතාවට හිගයකින් තොරව ජලය බෙදා හරින ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුණි.

    මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 2149 කි.පුද්ගලයින් සංඛ්‍යාව 9316 කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ අංශය යටතේ ප්‍රාදේශීය සභාවන් ඇතුළු ආයතන වෙත ට්‍රැක්ටර් ජල බවුසර් 14ක් ලබාදී ඇත. එයට අමතරව නවීන ජලබවුසර් රථ 05ක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුව ඇති අතර ඕනෑම අවස්ථාවක ජලය බෙදා හැරීම සදහා ඒවා සූදානම් කර ඇත.

    දැනට ක්‍රියාත්මක ජල ව්‍යාපෘති,ප්‍රජා ජල ව්‍යාපෘති,ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ජල ව්‍යාපෘති වල ප්‍රගතිය හා ගැටළු පිලිබදවද එම නිලධාරීන් සමග කරුණු සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එම්.බී චන්ද්‍ර නිමල්, ආපදා කළමණාකරන අංශයේ සහකාර අධ්‍යක්ෂ නලින් බෙන්තර ආරච්චි,ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකය - හම්බන්තොට

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu