අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු සිසුන්ට උසස් පෙළ හා NVQ සහතික දෙකක් පිරිනමනවා-අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 12, 2019

    රැකියා ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩ ලෝකයට පිවිසෙන දරුවාට, මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන බැවින් රැකියා අපේක්ෂා කිරීමේ දී කිසිදු අඩුපාඩුවක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නෙය.

    කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැති 2017 පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ ය.

    මේ වනවිට තෝරාගෙන සිටින ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනාටම මැයි මාසයේ දි පත්වීම් ලබා දී මනා පුහුණුවකින් පසු පාසල්වලට පත්කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

    ක්‍රීඩා දස්කම්, හැකියා දක්වන දරුවන් 1000කට සුබග ශිෂ්‍යත්ව අරමුදල මගින් මාසිකව රුපියල් 2500/- ක දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ආරම්භ කරන ලද ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලිය නිසා ගම් දනව්හි සිසු සිසුවියන්ට සිය දස්කම්, හැකියා අනුව ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමි වූ බව ද එමගින් ක්‍රීඩාවට විශාල නැඹුරුවක් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

    කායික හා මානසික සමබර පෞරුෂයක් වෙනුවෙන් හැම දරුවෙකුම කුමන හෝ ක්‍රීඩාවක නියැලිය යුතු බවට 2015 දී චක්‍ර ලේඛයක් නිකුත් කළ බවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පමණක් නොව කායික හා මානසික සෞ‍ඛ්‍යයෙන් පිරිපුන් සමබර පෞරුෂයක් ගොඩනඟා ගැනිමට ක්‍රීඩාවෙන් හැකිබව තව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya