කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ රාත්‍රියේ (10) පැවැති විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා "ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018" සම්මාන ප්රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ඉතාමත් සතිටු වෙනවා, ජනාධිපති සම්මාන ලබාදෙන පළමු උත්සව සභාවේ දී ඇමතීමට ලැබීම පිළිබඳව. රාජ්‍ය නායක සම්මානයක් ජනමාධ්‍යවේදීන්ට ලබදුන් බව වාර්තා වන්නේ නෑ.හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා මා සාකච්ඡා කළ අවස්ථාවක තීරණය කළා මෙවැනි සම්මාන ලබාදීමක් සිදු කළ යුතු බව. මෙවැනි සම්මාන දීමක දී වෙනත් ක්ෂේත්රවල ප්‍රවීණයන්ට සම්මාන දීම දුෂ්කර නෑ. කලාකරුවන්, ජනමධ්යවේදී ක්ෂේත්රවල ප්රවීනයන්ට සම්මාන දීම ලෙහෙසි කාර්යයක් නොවේ.මමත් වාර්තාකාරුවෙකු ලෙස ලේක් හවුස් ආයතනයේ නිදහස් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළා.පහළ සිටම අත්දැකීම් ලබාදිබෙනවා. අපේ රටේ ජනමාධ්‍ය වගේම අන්තර්ජාතික වශයෙන් ලෝකය වෙනස් කරන්නේ ජනමාධ්‍ය හා නව තාක්ෂණයයි. පුළුල් විශිෂ්ඨ හා උතුම් කාර්ය කරන්නේ ජනමාධ්‍යයි. ලූෂන් බුලත්සිංහල මහතා කර්තෘ භාගය ගැන විමසීමක් කළා.කර්තෘ භාගය පිළිබඳ රැස්වීම් සාකච්ඡා කීයක් තිබ්බද කියලා, එතුමා දන්නවා.අසමඟිය බරපතල ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්න රාශියක් තිබුණා. නැවත ඒ පිළිබඳව සොයා බලලා,සාකච්ඡා ආරම්භ කරන්න තීරණය කළා.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ, ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පුරෝගාමී කටයුත්තක් ඉටුකළ බවත් මෙතෙක් කටයුතු කළ ජනමාධ්‍ය ඇමැතිවරුන්ට හොඳක් අහන්න නොලැබුණ ද වත්මන් ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාට එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇති බවත්, ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පවුලකින් පැවත එන අයෙක් ලෙස රුවන් විජයවර්ධන මහතාට මේ විෂය හොඳින් කරගෙන යාමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ වෙනුවෙන් සුබ පතන බවද පැවැසීය.
අපේ රටේ ජනමාධ්‍ය හා දේශපාලනඥයා, ජනමාධ්‍ය හා පුරවැසියා, ජනමාධ්‍ය හා රාජ්‍ය සේවකයා, ජනමාධ්‍ය හා පාසල් සිසුවා මේ සියල්ල පිළිබඳ එකිනෙකට ගත්විට බොහෝ වෙනස්කම් දැක තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා ජනමාධ්‍ය තුළින් යහපත් රටක් ගොඩනැඟීමේ කාර්යයේ දී අද තිබෙන අභියෝග තේරුම්ගෙන අප සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කළයුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා,
මෑත කාලයේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම වෙබ් අඩවි හරහා විවිධ මඩ ප්‍රචාර එල්ලවන බවත් සාමාන්‍යයෙන් තමා වැනි කෙනකුට ඇද ඇද මඩ ගහන්නට හැකි බවත් තමාට බොහෝම ලෙහෙසියෙන් පහර දියහැකි වන අතර තමා පාතාලය සමඟ අපරාධ සමඟ සම්බන්ධ නොමැති බව ද ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැරැදි ලෙස යොදා නොගන්නා බව ද සඳහන් කළේය.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන, අධ්යක්ෂ කේ.පී ජයන්ත මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.