අප්‍රේල් 19, 2019

tami eng youtube google twitter facebook

    නවීන ගිලන් රථ 138 ක් රෝහල්වලට බෙදාදීම අද

    අප්‍රේල් 11, 2019

    දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පෙරවරු 10.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි. මීට පෙර ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152 ක් රෝහල්වලට බෙදාදී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නවීන ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය. මෙතෙක් කල් රෝහල්වලට ලබාදෙනු ලැබුයේ සාමාන්‍ය වර්ගයේ ගිලන් රථ වෙයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu