මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නගරය උපාය මාර්ගික නරගයක් ලෙස ගොඩ නැංවීමට පියවර

    අප්‍රේල් 09, 2019

    මහනුවර නගරය උපාය මාර්ගික නරගයක් ලෙස ගොඩ නැංවීම සදහා රජය මගින් මිලියන 11,000 ක් යොදවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    රුපියල් දස ලක්ෂ 173 ක් වැය කොට නවීකරණය කළ ජෝර්ජ් . ඊ ද සිල්වා උද්‍යානය සහ මිලියන 182 මුදලක් වැය කොට ඉදි කළ මහනුවර බෝගම්බර නව බස්පර්යන්තය විවෘත කිරීමත් එම වැඩසටහන යටතේ දියත් වූ වැඩකොටසක් බවත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන

    ලද්දේ පසුගියදා මහනුවරදී මහනගර හා බස්නායක සංවර්ධන අමාත්‍යාංශය මගින් දියත් කළ සංවර්ධන වැඩසටහන් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සව මාලාවකට සහභාගී වෙමිනි.

    මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත බහු මාදිලි ප්‍රවාහන පර්යන්තයක් බවට පත් කරන බවත්, ඒ සදහා මිලියන 1000 කට අධික මුදලක් වෙන් කොට ඇති බවත් පෙන්වා දෙන ලදී. මීට අමතරව රුපියල් මිලියන 1500 ක මුදලක් දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් යොදවා ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ යටතේ මහල් 11 කින් සමන්විත ගොඩනැගිල්ලක්ද සමගින් දුම්රිය ස්ථානය නවීකරණය කරන බවත් පෙන්වා දෙන ලදී. ඒ යටතේ දුම්රිය යන්ත්‍රාගාරයක් ඉදි කිරීමද සිදුවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාව සදහා රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, සහ මහනුවර පුරපති කේසර සේනානායක යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක්ද එක් විය.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya