අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු පොළී අනුපාතය අඩු කිරීමට කමිටුවක්- කමිටුවේ වාර්තාව හෙට අගමැති අතට

    අප්‍රේල් 09, 2019

    ණය නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් අය කරනු ලබන පොළී අනුපාතය අඩුකළ ඇති දැයි සොයා බලා වාර්තා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.

    ශ්‍රී ලංකා බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් හා වාණිජ බැංකු නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ වාර්තාව බදාදා (හෙට -10) අගමැතිවරයාට බාර දීමට නියමිතය.

    අධික බැංකු පොළී නිසා මුහුණ පෑමට සිදු වී ඇති ගැටලු සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් අගමැතිවරයාට කරුණු කීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම කමිටුව පත් කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.

    මේ අතර අප්‍රේල් මාසය තුළදී බැංකු පොළී අනුපාතය නොවෙනස්ව පවත්වා ගෙන යාමට සදුදා (08) රැස්වූ මූල්‍ය මණ්ඩලය තීරණය කළ බවද ඒ මහතා කීය.

    ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8% සහ 9% මට්ටමේ පවතිනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර නිකුතු ව තුළින් ලද ලැබීම් හේතුවෙන් 2019 මාර්තු මස වනවිට රජය සතු විදේශ විනිමිය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා ඉහළ ගියේය. එය මාස 4.2 ක ආනයන ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත්ය.

    මෙම වසරේදී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශ වෙත සපයනු ලබන ණය ප්‍රමාණය 13.5%න් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා පැවසීය.

    මෙම වර්ෂය තුළ වාණිජ බැංකු විසින් රුපියල් බිලියන 750 ක ණය ප්‍රමාණයක් පෞද්ගලික අංශයට නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් කීය.

    මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන එස්. ආර්. ආටිගල, එච්.ඒ. කරුණාරත්න සහ සහකාර අධිපති අශෝක හඳගම යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට එක් ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya