මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සිසුන් සඳහා ලබා දී තිබෙන කෝටාව ප්‍රයෝජනයට ගත යුතුයි- අමාත්‍ය රවුෆ් හකීම්

    අප්‍රේල් 09, 2019

    විදේශීය විශ්වවිද්‍යාල සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් ව අධ්‍යාපනය ලැබීම සඳහා අවස්ථාව ලබාදී තිබිය දී එහි උපරි ම ප්‍රයෝජන විශ්වවිද්‍යාල විසින් ලබාගත යුතු බව නගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    සෑම විශ්වවිද්‍යාලයකට ම සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4.5%ක ප්‍රමාණයක් පිටරට විශ්වවිද්‍යාල සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබුණත් කොළඹ විශ්වවිද්‍යාලය එහි උපරි ම ප්‍රයෝජන මේ වනතෙක් ලබාගෙන තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය පමණයි. අදාළ ප්‍රමාණයට විදේශීය විශ්වවිද්‍යාල සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමට මෙරට විශ්වවිද්‍යාලවලට හැකියාව ලැබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය මෙවර මාලදිවයින් වෛද්‍ය සිසුන් 10ක් සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ අයුරින් අනෙකුත් විශ්වවිද්‍යාලත් අදාළ සිසුන් බඳවා ගැනීමට කටයුතු කිරීම වැදගත්.

    මෙරට උසස් අධ්‍යාපනයේ සංවර්ධනය සඳහා රජය සුවිශේෂී ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ගෙන තිබෙනවා. පසුගිය වසර 04ක කාලය තුළ ලබා තිබෙන ප්‍රගතිය විප්ලවකාරී වෙනසක් බව පැවසිය යුතු යි. සිසුන් 400කට සම්පූර්ණ නේවාසිකාගාර පහසුකම් සැලසිය හැකි අනෙකුත් පහසුකම් ද සපිරි නේවාසිකාගාර 80ක් මේ වනවිට රජය මඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබෙනවා. සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 70ක පමණ ප්‍රතිශතයක් සඳහා නේවාසිකාගාර පහසුකම් මේ වනවිටත් විශ්වවිද්‍යාල තුළ සපයා ඇති අතර අනෙකුත් අය සඳහා විශ්වවිද්‍යාල ආශ්‍රිත ව නේවාසිකාගාර පහසුකම් සලසා දීමට කටයුතු කොට තිබෙනවා.

    පසුගිය රජය උසස් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 102ක් වැය කර තිබූ අතර වත්මන් රජය මඟින් උසස් අධ්‍යාපනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 205කි. ඒ අනුව දෙගුණයකටත් අධික මුදලක් මෙරට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට අප රජය ක්‍රියාකිරීම තුළ පෙනෙන්නේ රජය අධ්‍යාපනය සඳහා දක්වන උනන්දුවයි.

    අපි මේ වනවිට මූලිකව ම අවධානය යොමුකොට තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම සහ පර්යේෂණයන්හි තත්ත්වය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා යි.

    මේ සම්බන්ධව ඉදිරිපත් කළ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තත්ත්වය සහ ගුණාත්මක භාවය ප්‍රතීතනය කිරීමේ කොමිසමක් පිහිටුවීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට අපට ලැබී තිබෙනවා. එය ඉතා ඉක්මනින් ම පනතක් බවට පත් වෙනවා. මේ තුළින් රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අංශයන්හි ද තත්ත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කරනු ඇත. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට එය විශාල රුකුලක් වනු ඇත.

     

    මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයට සහ සබරගමුව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨ දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ තුළින් වසරකට වෛද්‍ය සිසුන් 1200 සිට 1500 දක්වා වර්ධනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. යනුවෙන් ද පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya