අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ප්‍රදේශීය කොට්ඨාශ හයකට පානීය ජලය බෙදයි

    අප්‍රේල් 09, 2019

    පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක් සඳහා පානිය ජලය බෙදා දිමේ කටයුතු ආරම්භ කර තිබේ.

    ඒ අනූව, මේ වන විට අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි තොරාගත් ග්‍රාම නිලධාරී වසම් හි පානිය ජල පහසුකම් බෙදා හැරිම දිස්ත්‍රික් අපදා සහනසේවා ඒකකය විසින් ක්‍රියාත්මක කරයි. ඉමදුව, ගොනුපිනුවල, බද්දේගම, බලපිටිය, බෙන්තොට අම්බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල මෙම පානිය ජලය බෙදා හැරිම ඊයේ (08) ආරම්භ විය.

    මෙහිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා සතු ජල බවුසර් යොදා ගැනිම සිදුවන අතර, දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධික්ෂණය පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් මෙම පානිය ජල පහසුකම් ලබා දිම සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya