අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් එකට සිටිමු'' ජාතික වැඩසටහනේ දෙවැන්න මඩකළපුව දිස්ත්‍රික්කයේ දී...

    අප්‍රේල් 08, 2019

    මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක් ඉලක්ක කර ගනිමින් ''රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහනේ දෙවැන්න අද (08) වන දින සිට අප්‍රේල් මස 12 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මඩකළපුව දිස්ත්‍රික්කයේ මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්, රජයේ අනෙකුත් අමාත්‍යාංශවල සහභාගීත්වයෙන් මහජන සේවාවන් කඩිනම් කිරීමට කටයුතු කරයි.

    ඒ අනුව මෙම වැඩසටහන මෙම වැඩසටහන මඩකළපුව දිස්ත්‍රික්කයේ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එකම දිනක එකම වේලාවක අද (08) සිට අප්‍රේල් මස 12 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික මට්ටමෙන් මේ වන විට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන් වන මත් ද්‍රව්‍ය නිවාරණය, සුරකිමු දරුවන්, රණවිරු සත්කාරක වැඩසටහන, වකුගඩු රෝග නිවාරණය, ඩෙංගු නිවාරණය, පරිසර සංරක්ෂණය හා සමාජ සුබසාධන වැඩසටහන් මෙන්ම වෙනත් අමාත්‍යංශ මට්ටමෙන් විසදාගතයුතු ජනතාවට පැන නැගී ඇති මහජන අවශ්‍යතා ඉටු කිරීමටද නියමිතය. ඒ අතර ඉඩම් ඔප්පු හිමිකම්, හැදුනුම්පත් ලබා ගැනීම, පුනරුත්ථාපනය, සමාජ සුබසාධන, පානීය ජලය, අධ්‍යාපන ආදී ගැටලුවලට විසදුම් මෙම දින 05 ඇතුලත ලබා දීමට කටයුතු කරයි.

    රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී ආයතන මගින් ලබා ගත යුතු මහජන අවශ්‍යතා සඳහා සෘජු තීන්දු තීරණ අදාළ ආයතනවල නිලදාරීන්ගේ මග පෙන්වීම මත ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින්ම විසදා දීම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.

    මෙම වැජසටහනේ සමාප්ත් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 12 වන දින පැවැත්වේ. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙහි සමස්ථ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිතුමා වෙත ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කිරීමටද නියමිතය. තවද මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ විෂයන් යටතේ ප්‍රතිලාභ හිමිකර දීම සඳහා තෝරා ලැබූ ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මක හිමිකම් ප්‍රදානය කිරීමක්ද සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya