මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් එක්ට සිටිමු'' මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්ලඩි මුහුදු තීරයේ සිට නාවල්අඩි මුහුදු තීරය දක්වා පිරිසිදු කෙරේ

    අප්‍රේල් 08, 2019

    ''රට වෙනුවෙන් එක්ට සිටිමු '' ජාතික වැඩසටහනේ දෙවැන්න මඩකළපුව දිස්ත්‍රිකකයෙන් ආරම්භ විය. එහි ආරම්භක දිනය වන අද (08) දිනයේදී මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්ලඩි මුහුදු තීරයේ සිට නාවල්අඩි මුහුදු තීරය දක්වා පිරිසිදු කිරීම ආරම්භ විය.

    සංචාරක ආකර්ෂ්ණය තවත් වැඩි කරමින් වෙරළ සංරක්ෂණය කිරීමේ පියවරක් ලෙස අද දිනයේ මෙම වැඩසටහන ක්‍රියාවට නැගෙන බව ජනාධිපති කාර්යාලයේ ජාතික වැඩසටහන් මෙහෙයුම් නිලධාරී ආචාර්ය එච්.එම්.සී. හිටිසේකර මහතා පැවසීය.

    පරිසර සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින් මුහුදු තීරය සංරක්ෂණය කිරීම සිදු වූ අතර මීට අමතරව අද (08) දවස පුරා කුඩා ව්‍යවසායකයින් දැනුවත් කිරීමත්, සුළු පරිමාණ ගොවීන් දැනුවත් කරමින් වස විසෙන් තොර සුරක්ෂිත ආහාර නිෂ්පාදනයක් සිදු කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

    මෙම අවස්ථාවන් සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදය කුමාර මහතා හා රාජ්‍ය අලීෆ් සානීර් මවුලානා මහතා ඇතුළු පිරිසක් සහභාගී වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya