මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුවට සහභාගී වූ නියෝජිතයන් වෙනුවෙන් ජනපතිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

    අප්‍රේල් 08, 2019

    ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සඳහා සහභාගි වූ නියෝජිතයන් වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය  (06) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

    ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව මාර්තු 05 වනදා කොළඹ දී ආරම්භ කෙරුණු අතර ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයෝ 90 දෙනෙක් පමණ ඊට සහභාගී වූහ. සමුළුව අදින් අවසන් විය.

    2000 වසරේ දී පිලිපීනයේ මැනිලා නුවර දී ආරම්භ කළ ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුව (ICAPP) ආසියා රටවල දේශපාලන පක්ෂවල සංසදයකි.

    ආසියානු රටවල අවබෝධය හා විශ්වාසය වැඩිදියුණු කිරීම උදෙසා විවිධ මත දරන දේශපාලන පක්ෂ අතර හුවමාරුව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අරමුණින් සමුළුව වාර්ෂිකව සංවිධාන කෙරෙන අතර මෙවර එය ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.

    සමුළුවට සහභාගී වූ නියෝජිතයන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා තමා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් රටවල් රැසක දී මෙම සමුළුවට සහභාගී වූ අන්දම සිහිපත් කළ අතර එහි දී ඉතා වැදගත් අත්දැකීම් රැසක් තමාට ලබාගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya