අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අභියසදී"

    අප්‍රේල් 07, 2019

    ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවිව ඊයේ (6) අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැතිණි..

    හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී අද 07 පෙරවරු 09.00 මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.

    සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සදහා මේවන විට සියලු කටයුතු සූදානම්ව පවතී.

    රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිත අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ මැදිහත් වීම මත හෙට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙල බොජුන් හළටද අද අග්‍රාමාත්‍යවරයා විසින් මුල්ගල් තැබීමටද නියමිතය..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya