අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 - රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය හා පොළ අප්‍රේල් 08,09,10 දින වල නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී

    අප්‍රේල් 05, 2019

    මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2019 - රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය හා පොළ අප්‍රේල් 08,09 හා 10 දින වල පෙ.ව.8.00 සිට රාත්‍රී 9.00 දක්වා මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

    මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ
    කරදීම, අලෙවි අවස්ථාවන් හඳුන්වා දීම හා පාරිභෝගික ජනතාව අතරට යාමේ දී තම නිෂ්පාදනයන්හි පවතින අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ගුණාත්මක හා ආකර්ශනීය නිෂ්පාදන ප්‍රවර්ධනයට අවස්ථාව සලසා දීම ආදිය මෙම අලෙවි ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු වේ.


    මෙහි මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා වෙනත් විවිධ නිෂ්පාදන ඇතුලත් ය. මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන් මේ සඳහා සහභාගි වීමට නියමිත ය.

    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් රුහුණු ශක්ති ව්‍යවසායක සංසදයේ සහයෝගයෙන් මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙම අලෙවි ප්‍රදර්ශනය හා පොළ සංවිධානය කරයි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya