අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය මර්දනයට විශිෂ්ට ලෙස මැදිහත්ව කටයුතු කරනවා

    අප්‍රේල් 04, 2019

    ජනාධිපතිතුමා,ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රජයේ පූර්ණ සහයෝගයෙන් මත්ද්‍රව්‍ය මර්දනයට විශිෂ්ට ලෙස මැදිහත්ව කටයුතු කරනවා'' යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි

    ආරක්ෂක අමාත්‍යාංශයේ විවාදය කරන අවස්ථාවේ දී රටේ ආරක්ෂාව පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් වුණා.ජනාධිපතිතුමා,ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රජයේ පූර්ණ සහයෝගයේ මත්ද්‍රව්‍ය මර්දනයට විශිෂ්ට ලෙස මැදිහත්ව කටයුතු කරනවා. නාවික හමුදාවට ඉන්දියාවෙන් නෞකා දෙකක් ලැබුණා. ඇමෙරිකාවෙන් කටර් යාත්‍රාවක් මාස කීපයකින් ලැබෙනවා. චීනයෙන් අවශ්‍ය යාත්‍රාවක් ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවටත් යාත්‍රා ලැබෙනවා.තාක්ෂණය වැඩි දියුණු කරන්නට අවශ්‍යයි.කුඩා මුර යාත්‍රා නාවික හමුදාව විසින් නිපදවීම සිදු කරනවා.මීටර් 17ක යාත්‍රා අපිම නිපදවීමට කටයුතු කරනවා.

    යුද්ධයක් නොමැති කාලයේ ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ගැන සඳහන් කළා. යුද්ධයක් නොමැති කාලයේ තමයි ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කළ යුත්තේ.වැඩිපුර මුදලක් ආරක්ෂක අංශයට යොදවා තිබෙනවා. වැටුප් වැඩි කර තිබෙනවා. ඒ සඳහා වැඩියෙන් මුදල් අවශ්‍ය වී තිබුණා. කඳවුරු නැවත ස්ථාපිත කරන්න මුදල් අවශ්‍ය වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය තුළින් ආබාධිත රනවිරුවන්ට සේවාවන් ඉටු කරනවා ''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya