අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේ සාධනීය ප්‍රතිඵල රැසක් ජනතාවට දායාද කර තිබෙනවා

    අප්‍රේල් 04, 2019

    උතුරු නැඟෙනහිර සංවර්ධනයට හා සංහිදියාවට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් කර තිබෙන බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දේශීය හා විදේශීට වශයෙන් සෑම පියවරක්ම ජනාධිපතිතුමා ගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ දැවැන්ත කර්තව්‍ය සිදු කිරීමට හැකි වෙනවා. ජනාධිපතිතුමා රටේ ජාතික ආරක්ෂව තහවුරු කිරීමට දේශීය හා විදේශීට වශයෙන් සෑම උත්සහනයක්ම ගන්නවා. ජනාධිපතිතුමා කාලාණුරූපීව ත්‍රිවිධ හමුදාව, ජනතාව හා දේශපාලන නායකත්වය එකරාශි කරගනිමින් මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේ සාධනීය ප්‍රතිඵල රැසක් ජනතාවට දායාද කර තිබෙනවා.මේ පිළිබඳව පොලීසියට හමුදාවට ගෞරවය හිමිවිය යුතුයි.මෙම වැඩපිළිවෙල සාර්ථක කළ හැකියි.

     රණවිරුවන්ට අවශ්‍ය රැකවරණය ලබාදිය යුතුයි. අප සැමවිටම රණවිරුවන් පිටුපස සිටිමින් රැකගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය පක්ෂ භේදයකින් තොරව ලබාදිය යුතුයි. උතුරු නැඟෙනහිර සංවර්ධනයට හා සංහිදියාවට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් කර තිබෙනවා.  උතුරට හා නඟෙනහිරට අවශ්‍ය සංවර්ධනය ජනාධිපතිතුමා ලබාදී තිබෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya