අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කථානායක සහ පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක්

    අප්‍රේල් 04, 2019

    කථානායක කරූ ජයසූරිය මහතා සහ ජාතික පොලිස් කො‍මිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (3) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයා ලෙස පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරීයෙකු වු කේ.ඩබ්ලිව්.ඒකනායක කරල්ලියද්ද මහතා ද ඊයේ (03) මෙම රැස්වීම සඳහා එක් වූ බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

    කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස සාවිත්‍රි විජේසේකර මහත්මිය, තිලක් කොල්ලුරේ මහතා, වයි.එල්.එම් සවාහිර් මහතා, ගාමිණි නවරත්න මහතා, අශෝක විජේතිලක මහතා සහ ජී .ජෙයකුමාර් මහතා යන අය කටයුතු කරනු ලබයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සළස්වා ඇති පරිදි, පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිළධාරීන්ගේ පත්කිරීමේ, උසස් කිරිමේ, විනය පාලනය පවත්වා ගෙන යාමේ සහ සේවයෙන් පහ කිරීමේ කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විමසා කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබන අතර ඇතැම් බලතල රජයේ ගැසට් පත්‍රයේ පල කොට පොලිස්පතිවරයා ඇතුළු ව පොලිස් නිළධාරීන් වෙත ද පවරා දී ඇත. පොලිස් නිළධාරීන් බඳවා ගැනීම. උසස් කිරීම සහ ස්ථාන මාරුකිරීම පිළිබඳ පටිපාටි සකස් කිරීම ද පොලිස්පතිවරයා විමසා කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබයි.

    මෙදින රැස්වවිමේ දී මෑතකදී පොලිස් නිළධාරීන් ඇතැම් පොලිස් නිළධාරීන් අරඹයා එල්ල වූ චෝදනාවන් පිළිබඳව දැඩි ලෙස පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කළ කථානායකවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් වැනි අපරාධයන්ට සම්බන්ධ පොලිස් නිළධාරීන් පිළිබඳව දැඩිව ක්‍රියාකිරිම තුළින් සමස්ථ පොලිස් දෙපාර්තුමේන්තුවේම කීර්ති නාමය ආරක්ෂා කිරීමේ වගකීමද අවධාරණය කළේ ය.

    කෙසේ වෙතත්, ස්වකීය රාජකාරියට දිවිහිමියෙන් කැපවන අවංක දක්ෂ නිළධාරින් ඇගැයීමේ වැදගත්කමද මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya