අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඳුකරයේ කැලෑ ගිනි ගැනිම් වැළැක්වීමට සැමගේ සහාය අවශ්‍යයි- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

    අප්‍රේල් 03, 2019

    නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හෙතුවෙන් කැලෑ සහ පතන බිම් නිරන්තරයෙන් ගිනිගැනීම්වලට ලක්වන බැවින් ඒවා ආරක්ෂා කිරීමට සියළු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

    පවතින වියලි කාලගුණය හෙතුවෙන් ජල මුලාශ්‍ර දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා, කැලෑ සහ පතන බිම්වල ගිනිගැනිමක් ඇතිවුවහොත් මෙය උග්‍ර වන බවය. කැලැ ගිනිතැබිම් වැළැක්වීම සම්බන්ධව පසුගිය දින දිස්ත්‍රිත් ලේකම් කාර්යාලයේ පැවැති සකච්ඡාවකදි දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා මෙම අදහස් පැවසීය.

    දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම්වරු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිසා වන කාර්යාලය, දිස්ත්‍රික් අපාදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද හමුදාව, පොලිසිය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම මෙම සාකච්ඡාව පැවැත්විනි.

    ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදුකරන ලෙස මෙහිදි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුනි. ළගාවීමට ඉතාමත් අපහසු කඳු හෙල් සහ කැලෑ ප්‍රදේශවල ගිනි නිවිම සඳහා ගුවන් හමුදාවේ සහය අවශ්‍ය බවත්, අවශ්‍ය වු විට ඒ සඳහා ගුවන් යානයක සහාය ලබාදෙන ලෙස අදාළ අංශ දැනුවත් කරන ලෙසද මෙහිදි දිස්ත්‍රික් ලේකම් වරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ ය.

    කැලෑ ගිනි තැබිම් වැලැක්වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, හල්ග්‍රන් ඔය සහ හැටන් අඩවි කලාප වෙන වෙනම වැඩසටහන් ක්‍රියත්මක බවත්, මේ සම්බන්ද තොරතුරු කඩිනමින් දුරකතන අංක වන 052 2222329 / 071 8135821 දිසා වන නිලධාරි නුවරඑළිය, 052 2234091 / 071 8300701 අඩවි වන නිලධාරි නුවරඑළිය, 052 3533015 / 0714924440 අඩවි වන නිලධාරි - හල්ග්‍රන් ඔය, 051 2222580 / 0702596901 අඩවි වන නිලධාරි - හැටන් වෙත ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කළේ ය.

    DMU/NuwaraEliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya