මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''බක්මහ දිවුරුමට'' රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්වෙයි

    අප්‍රේල් 03, 2019

    ''මතින් නිදහස් රටක්'' වෙනුවෙන් කොළඹ,නිදහස් චතුරස්‍රයේ පැවැති  ''බක්මහ දිවුරුම'' ජාතික වැඩසටහනට සමගාමීව  අද (03) උදෑසන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  නිලධාරීහු ද බක්මහ දිවුරුමට එක්වූහ.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

    එහිදී අඳහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසීය.''මෙතන කිසිදු ආකාරයක දේශපාලනයක් නැහැ. අපි යුද්ධය අවසන් කළා වගේ තවත් එක් යුද්ධයක් අවසන් කිරීමට දැනුම් තේරුම් තිබෙන ජනතාවක් වශයෙන් අපි එක් විය යුතුයි. සමස්ත රටම සමස්ත ජනතාවම මේ සඳහා එක් විය යුතුයි.එසේ නැතිනම් ඔබගේ දරුවාට හෝ ඔබගේ ඥාතියාට මේ ප්‍රශ්නය උද්ගත වෙන දවසට ඔබට පසු තැවීමට සිදු වෙව්."

    මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යංශය ඇතුළු රජයේ ආයතන රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya