අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි

    අප්‍රේල් 03, 2019

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම  ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

    අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යෑම ආදි කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

    ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya