අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මිලිදී ගැනීමේ ගිවිසුම අත්සන් තැබේ

    අප්‍රේල් 02, 2019

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය රෝහලක ස්ථාපිත කෙරෙන පළමු විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය මිලදී ගැනීම සදහා එකඟතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (01) සිදු විය.

    මෙම එකඟතා ගිවිසුම අත්සන් තැබීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හා ෆයිට් කැන්සර් ටීම් සභාපති දේශමාන්‍ය එම්.එස්.එච්. මොහමඩ් මහතා කොළඹ ගලදාරී හෝටලයේදී සිදු කරන ලදි.

    විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය නිෂ්පාදනය කරන ලද්දේ වේරියන් මෙඩිකල් සිස්ටම් ඉන්ටර්නැෂනල් ඒ.ජී. සමාගම හා වේරියන් සිස්ටම්ස් ඉන්ටර්නැෂනල් ඉන්දියා පුද්ගලික සමාගම එක්වයි. මෙහි අරමුණ වී වන්නේ 2022 වන විට මිලියන හයක පිළිකා රෝගීන් සංඛ්‍යාවක් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය මගින් සුව කිරීමයි. මීට අමතරව 2027 වසර වනවිට මිලියන 20ක පිළිකා රෝගීන් සංඛ්‍යාවක් පිළිකාවෙන් සුව කිරීමටත් බලාපොරොත්තු වන බව ෆයිට් ට්‍රස්ට් ග්‍රාන්ටඩ් ලිමිටඩ් සමාගමේ සභාපති දේශමාන්‍ය එම්.එස්.එච්. මොහමඩ් මහතා පැවසීය.

    සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම් මහතා,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇතුලු  පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya