අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා ගුරුවරු 1000ක් බිහිකිරීමට බලාපොරොත්තු වෙනවා

    අප්‍රේල් 02, 2019

    පළමු අදියර යටතේ භාෂා ගුරුවරු 1000ක් බිහිකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (2) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට  එක්වෙමිනි.

    විපක්ෂය රටේ සංවර්ධනය ගැන කලබල වෙලා. සංහිදියාව ගැන අමාත්‍යාංශය වැඩ කරගෙන යනවා.භාෂාව  සම්බන්ධව විශාල වැඩකොටසක් කරගෙන යනවා. ගුරුවරු බිහිකිරීම අධ්‍යාපන අමාත්‍යාංශයට සීමා වූ දෙයක්  නොවේ. පළමු අදියර යටතේ භාෂා ගුරුවරු 1000ක් බිහිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අය අධ්‍යාපන  අමාත්‍යාංශයට බාරදීලා ගුරුවරු පත් කරන්න බලාපොරොත්තුවෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමත්‍යතුමා සමඟ  කැබිනට් පත්‍රිකාවක් දමන්න බලාපොරොත්තු වෙනවා. නාම පුවරු තෛභාෂා මට්ටමින් තිය යුතුයි. ඒ  සම්බන්ධයෙන් පැමිණිලි තියෙනවා නම් ලබාදිය හැකියි.''වන් ශ්‍රී ලංකා'' කියලා අකුරක් හඳුන්වාදීමට  බලාපොරොත්තු වෙනවා. රජය මඟින් දැනට රටේ සිංහල හා දමිළ භාෂා පාඨමාලා පවත්වාගෙන යනවා. මේ දෙමළ භාෂා දැනුම අඩුයි. එම දැනුම ලබාදීම වැදගත්.භාෂා ගුරුවරු 6000ක පමණ හිඟයක් තිබෙනවා.දමිළ භාෂා පාඨමාලා වෙනුවෙන් ගුරුවරු 1820ක් සම්බන්ධ වී තිබෙනවා .දැවැන්ත සංවර්ධනයක් කවුරු කුමක් කීවත් සිදු කරමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya