අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රාජකරි අරඹයි

    අප්‍රේල් 02, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා ඊයේ (01) රාජකාරි ආරම්භ කළේ ය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳවත්, රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති ඒ මහතා වසර 27 කට වැඩි කාලයක් පරිපාලන සේවයේ විවිධ ධූර දැරූ රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

    1991 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පළමු පත්වීම ලද ඒ මහතා සහකාර දිස්ත්‍රික් ලේකම්, වයඹ පළාත් සහකාර ලේකම්, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ වැනි පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් විවිධ තනතුරු දරන ලදී.

    ඉන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර ආගමන විගමන පාලක ලෙස සේවයට එක් විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්වීමට පෙර ඒ මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලන ජනරාල් ධූරය හෙබවීය.

    ඒ මහතාගේ දීර්ඝ සේවා කාළය තුළ ජාත්‍යන්තර වැඩමුඵ සම්මන්ත්‍රණ, ආගමන කළමනාකරණ පද්ධති සංවර්ධන වැඩසටහන් ආදියට ද සහභාගි වි ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya