අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාදවිවාද වලදී වඩා සංවරව,ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස වචන භාවිතා කරන්න-කතානායක

    අප්‍රේල් 02, 2019

    ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකරමින් කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතාමත් කණගාටුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    ඊයේ (01) පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයකු හා මන්ත්‍රීවරයකු අතර ඇති වූ වචන හුවමාරුව පිළිබඳව කරුණු දක්වමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුවේ අභිමානය හා ගෞරවය කෙළෙසෙන අන්දමින් වාද විවාදවලදී භාවිතා කළ යුතු වචන මින් ඉදිරියට කිසිම ආකාරයකින් ගරු සභාව තුළ භාවිතා නොකරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට අවධාරණයෙන් දැනුම්  දෙන බවද කතානායකවරයා පැවසී ය.

    එමෙන් ම වාදවිවාද වලදී තම විරෝධතාවය ප්‍රකාශ කිරීමේ දී මීට වඩා සංවරව ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ  කීර්තිනාමයට කිසිදු ආකාරයකින් හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ද කතානයකවරයා මන්ත්‍රීවරුන්  වෙත දන්වා සිටියේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya