අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවෙලක් - පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කරනවා

    අප්‍රේල් 01, 2019

    ස්වාධීන අධිකරණයක් තහවුරු කර තිබෙන බවත් අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් . බන්ධනාගාර වැඩි කිරීම අපේ රජයේ අරමුණක් නොවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය අද (01) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    වසර 11 තිස්සේ කවුරුත් කළේ නැති වැටුප් වැඩි කිරීමක් අධිකර ක්ෂේත්‍රයට දෙන්න හැකිවීම ජයග්‍රහනයක්. රජයේ මුදල් අවභාවිත කළ අයට එරෙහිව නඩු විභාග කිරීමාට් විශේෂ අධිකර පිහිටුවීමට හැකි
    වුණා. අද රාජකාරි කරන්න තරම් නිලධාරීන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් තිබෙනවා. ආකර්ෂණීය වැටුප් ලැබෙන්නේ නෑ. අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.නඩු ප්‍රමාදය නිසා අපහසුතාවයන් ඇති වී තිබෙනවා. ''අධිකරණ පියස'' ගොඩනැඟීමේ කටයුතු සිදු කරමින් යනවා.අධිකරණයේ වැඩ පහසුකරන්න උපරිම උත්සහයක් ගන්නවා.නඩු ගොනු 14900ක පමණ කටයුතු අවසන් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට හැකි වී තිබෙනවා. මේ රටේ ඉහළම අධිකරණයේ සිට පහළ අධිකරණය දක්වා වැඩකරන්න පුළුවන් ස්වාධීන අධිකරණයක් තහවුරු කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන,දේශපාලනයෙන් තොර ආයතනයක් විය යුතුයි.නීතිපති දෙපාර්තමේන්තුව ගැන සතුටු වෙන්න පුළුවන්.

    සියලු සිරකරුවන්ට සෑම පහසුකමක් ම ලැබෙන්න ඕන.බන්ධනාගාරවල තියෙන තදබදය පිළිගන්නවා. ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.විවෘත බන්ධනාගාර වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කර තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනාය කර සමාජ ගත කිරීම වැඩසටහනක් සහිතව ක්‍රියාත්මක බලාපොරොත්තුව. බන්ධනාගාර වැඩි කිරීම අපේ රජයේ අරමුණක් නොවේ. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya