අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැයශීර්ෂ පරාජය වීම- ස්ථාවර නියෝගවලට අනුව අප්‍රේල් මස 30ට පෙර යෝජනාව යළි ඉදිරිපත් කරනවා- සභානායක

    මාර්තු 29, 2019

    ස්ථාවර නියෝගවලට අනුව අප්‍රේල් මස 30ට කලින් නැවතත්  අමාත්‍යාංශ දෙකකට අයත් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට හැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ දී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකකට අයත් වැයශීර්ෂ පරාජයට පත්වීමෙන් අනතුරුව ඉදිරියට අනුගමනය කරන ක්‍රියාමාර්ග කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී විමසා  සිටියේ ය.

    මෙහිදී පිළිතුරු දීමට නැඟි සිටි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා;අප්‍රේල් 30 වනතුරු අමාත්‍යාංශවලට මුදල් වෙන් කර තිබෙන බවයි.ස්ථාවර නියෝගවලට අනුව අප්‍රේල් මස 30ට කලින් නැවතත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්න පුළුවන්.ඒ පිළිබඳව කලබල විය යුතු නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    මෙහිදී නැඟී සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, මීට පෙර අපේ ආණ්ඩුව කාලයෙත් සිදු වුණා.ඒ අවස්ථාවේ දී කතානායක අපව ගෙන්වා,සකච්ඡා කර, ගත් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගය ගත්තාට අපට කිසිදු ප්‍රශ්නයක් නෑ යැයි ද පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya