අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවුන්දර තුඩුවේ පිට පේදුරු තුඩුවට සාහිත්‍ය පාලමක් ග්‍රන්ථ පරිවර්ථන ව්‍යාපාතිය ආරම්භ වෙයි

    මාර්තු 29, 2019

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙය පුළුල් කරමින් ශ්‍රි ලාංකේය ජාතින් අතර සාහිත්‍ය වර්ධනය කිරිම උදෙසා සිංහලෙන් ලියාවුණු සාහිත්‍ය කෘති දෙමළ භාෂාවෙනුත්,දෙමළ භාෂාවෙන් ලියාවුණු කෘති සිංහල භාෂාවෙනුත් පරිවර්තනය කිරිම ප්‍රධාන අරමුණ විම වස් මෙහි සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි පැවැති විය.

    එහි අදහස් දැක් වු අධ්‍යපන අමාත්‍යවරයා කියා සිටියේ,අපි ආපු දවසේ ඉඳලා අලුත් දේවල් කරනවා.කළණ මිතුරු පොත් සුමිතුරු යන වැඩසටහනක් ආරම්භ කළා.ලංකාවේ වැඩියෙන් ම පොත් කියවපු ළමයින් 100ක් අපි චිනයේ යවනවා.දරුවන් වැරදි දේවල් වලින් වළක්වා ගන්න තමයි පොත් කියවන්න ඕන.කියවිම හැමෝටම පොදු අයිතියක් . දෙමළ පොත්වල තිබෙන දේවල් සිංහල ළමයිනටත් සිංහල පොත්වල තිබෙන දේවල් සිංහල ළමයින්ටත් මේනිසා කියවන්න ලැබෙනවා යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

    මෙම ව්‍යාපෘතියේ උපදේශන කමිටුව මහාචාර්යය කේ.එන්.ඕ ධර්මදාස මහතා,මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා,මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා, බුද්ධදාස ගලප්පති මහතා සහ සිවගුරුනාදන් මහතා යන විද්වතුන් ගෙන් සමත්විත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya