අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගරයේ ඉදිකිරීම් අදියර හතරක් යටතේ අරම්භ කරනවා - රටට බරක් නොවන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම රජයේ කාර්යභාරයයි

    මාර්තු 28, 2019

    කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් බවත් එහි ඉදිකිරීම් අදියර හතරක් යටතේ මේ වසරේ ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා,අද (28) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    වරාය නගරය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කරනවා.විධිමත් පරිසර නගරයක් කළා.මූල්‍ය නගරයක් බවට ගොඩනැගීම අරමුණු කරගෙන කටයුතු කළා. කිසිම ජාත්‍යන්තර සැකයක් නෑ. රටේ ස්වෛරීත්වය ආරක්ෂා කළා.වරායේ ඉදිකිරීම්  මේ වසරේ කොටස් හතරක් යටතේ ඉදිකිරීම් ආරම්භ කරනවා. රජය ජලසම්පාදනය,විදුලි බලය පැත්තෙන් දායක වී තිබෙනවා.

    පාර්ලිමේන්තුව අවට පරිපාලන නගරයක් ආරම්භ කළා. ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ආරම්භ කෙරෙනවා. තාක්ෂණය නගරය,විධිමත්ව ආයතන ඇතුළත් කරනවා.නැනෝ තාක්ෂණ ආයතනය පුළුල් කරන්න,චන්ද්‍රිකා තාක්ෂණාය රෝබෝ තාක්ෂණය මධ්‍යස්ථානය තුළ ඉදිකෙරෙනවා. සමුද්‍ර නගරය කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා ඉදිකිරීමට බලාපොරොත්තුවෙනවා. ගුවන් නගරය නමින් ගුවන් තොටුපල ආශ්‍රිත ඉඩම් භාවිතා කර ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා.

    දුම්රිය මාර්ග සංවර්ධනය කෙරෙනවා.සීග්‍ර ගාමී බස් රථ සේවයක් අවශ්‍යයි.අන්තර්ජාලය භාවිතා කර ප්‍රවාහන කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අරුවක්කරු කසළ අංගනය පිළිබඳව ඇතැම් අයට දේශපාලන වුවමනාවන් තියෙනවා. මෙය තිබෙන්නේ පුත්තලමේ නොවෙයි. වනාතවිල්ලුවෙ තියෙන්නේ.කසළ ප්‍රශ්නය විසඳීම ජාතික ප්‍රශ්නයක්. දැන් දේශපාලන තීන්දුවක් ගෙන ක්‍රියාත්මක කළ යුතු දෙයක්.

    කොළඹ පැල්පත් 50,000ක් තියෙනවා.දුප්පත් ජනතාවක් ඉන්නවා.අවුරුදු 3 නිවාස 15,000ක් ඉදිකර තිබෙනවා. මෙයට තිරසර වැඩපිළිවෙලක් තිබුණේ නෑ.අපි අද තිරසර කරනය කර තිබෙනවා.ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය තිබෙනවා.අපි කිසිම කෙනෙකුට හිංසනය කර නෑ. හැම පවුලකම අධ්‍යාපනය නංවන්න කටයුතු කර තිබෙනවා. රටට බරක් නොවන ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම රජයේ කාර්යභාරයයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya