අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර - නිදහස්, සාධාරණ,යුක්ති සහගත මැතිවරණයකට ජාතික වශයෙන් තීන්දුවක් ගත යුතුයි

    මාර්තු 28, 2019

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල නවීකරණය කරමින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් නිල සෙවණ කාර්යාල 14000 සාදා නිමකිරීමට පියවර ගෙන තිබෙන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා, අද (28) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    එක්දින සේවා ක්‍රියාත්මකයි. සුවිශාල වෙනස්කම් ගණනාවක් ඉඩම් රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව තුළ  සිදු  කරනවා. මුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලනය එක තැනකට ගේනවා. රටේ දිස්ත්‍රික් ලේකම් කාර්යල 25 ම කර්තව්‍ය අංග  සම්පූර්න කිරීමට කටයුතු කරනවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 ම නවීකරණ කටයුතු  අවසන්  කරනවා.  දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කරමින් ශක්තිමත් පරිපාලනයක් ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කරනවා.නිල සෙවණ කාර්යාල 14000 හදන  කටයුතු කරනවා ඒ සඳහා බිලියන 30ක් අවශ්‍යයි. ඔප්පුව පත් ඉරුව ගමේ ග්‍රාමනිලධාරි ගේ පරිගනකයට  ලබාදෙන්න කටයුතු කරනවා. දිස්ත්‍රික්, ප්‍රාදේශිය,ග්‍රාම නිලධාරී අංශ ශක්තිමත් කර රාජ්‍ය සේවා කළමනාකරණ  අධිකාරියක් හදන්න බලාපොරොත්තු වෙනවා.මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට  පත්වෙලා.වැරදි හදාගෙන නිවැරැදි තැනකට යා යුතුව තිබෙනවා.නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයකට  යා යුතුයි.ඒ සඳහා ගත හැකි පියවර රාශියක් තිබෙනවා. ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නවා  මැතිවරණය සම්බන්ධයෙන් ජාතික වශයෙන් තීන්දුවක් ගත යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya