අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැදවීම මධ්‍යස්ථාන 18කදී

    මාර්තු 28, 2019

    ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම්පත් නිකුත් කිරීම 2019.03.26 දින ආරම්භ විය.

    අයදුම්පත් නිකුත් කිරීම 2019.03.29 දින දක්වා කාර්යාංශයේ මධ්‍යස්ථාන 18කදී සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

     

    අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දින වන  26 දින අයදුම්පත් 4998ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණය නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙනි. දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම් හා ධිවර අංශයන්හි රැකියා සදහා මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදුකෙරේ.

    කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් ලබාගැනීම සදහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතුය.

    දකුණු කොරියානු රැකියා ලබාදෙනු ලබන්නේ කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශය මගින් වන අතර, එම රැකියා පරිපාලනය කරන ලබන්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගිනි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි.

    දකුණු කොරියානු රැකියා සදහා ඊට අමතරව කිසිදු පුද්ගලයෙකුට මැදිහත්විය නොහැකි අතර, කොරියානු රැකියා සදහා වෙනත් අතරමැදි පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. කොරියානු රැකියා සදහා අයදුම්පත් නිකුත් කිරීම පිළිබදව වැඩිදුර තොරතුරු අදාළ මධ්‍යස්ථානයේ දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

     

    asa

     

    asas

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya