අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් රථ සදහා GPS තාක්ෂණය සහ ඉලෙට්‍රොනික් ටිකට් මැෂින්

    මාර්තු 26, 2019

    ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින් මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථ සදහා GPS උපකරණ සහ ඉලෙට්‍රොනික් ටිකට් මැෂින් ලබා දිමට උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එල්.එල්.ඒ පීරිස් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, (25) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

    ඒ අනුව එම ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ බස් රථ 2380 ක් සදහා රුපියල් මිලියන 25 කට ආසන්න මුදලක් වැය කොට GPS උපකරණ ලබා දී ඇති අතර, බස් රථ 1650 ක් සදහා ඉලෙක්ට්‍රොනික් ටිකට් මැෂින් ලබාදී තිබේ. ඒ සදහා වැය කොට ඇති මුදල මිලියන 65 කි. අදාල උපකරණ මේ වන විටත් මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය වෙත ලබාදී ඇති බව පැවසූ ඒ මහතා නොබෝ දිනකින් ඒවා බස් රථ සදහා බෙදා හැරීමට නියමිත බවද පෙන්වා දෙන ලදී.

    මගී ජනතාව වෙත ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කළ බව පැවසූ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මහනුවර ඉදි කෙරෙමින් පවතින බහුමාදිලී ප්‍රවාහන පර්යන්තය ඉදිර කිරීමෙන් අනතුරුව මගී ජනයාට මෙන්ම බස්රථ හිමියන්ටද පහසුකම් රැසක් ලැබෙන බවද පෙන්වා දෙන ලදී.

    මීට අමතරව බෝගම්බර අන්තර්වාර බස් පර්යන්තයක් සහ මහනුවර ඔර්ලෝසු කනුව අසළ බස් පර්යන්තය අලුතින් ඉදි කිරීමටද මෙම ව්‍යාපෘතිය යටතේ කටයුතු යොදා ඇති අතර, ඒ සදහා මිලියන 200 ක මුදලක් වෙන් කොට තිබේ. උපාය මාර්ග නගර සංවර්ධන ව්‍යාපෘතිය මහ නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්තම කෙරෙන ව්‍යාපෘතියකි.

     දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සදහා එහි සභාපති නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු රජයේ නිලධාරින් රැසක්ද සහභාගී වූහ.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya