අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් ලක්ෂ 50 ක් වැය කරමින් මාතර - මිරස්සට පොලිස් සංචාරක ඒකකයක්

    මාර්තු 26, 2019

    සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා සංචාරක පොලිසි ඉදිකිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වැය කරමින් 12 වන සංචාරක පොලිසිය විවෘත කිරීම සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර - මිරිස්ස ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

    කන්ටේනර් බහාලුම් හතරක් තුළ ඉදිරකර ඇති මෙම සංචාරක පොලිස් ඒකකය ස්ථානාධිපති කාර්යාලය, නවාතැන් හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විත වේ. මෙහි දී සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා අදහස් දැක්වී ය.

    සංචාරක පොලිසිය භාර එස්.එස්.පී. මහත්තයා ගොඩක් මහන්සි වෙනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. තවත් තැන් 10 ක මේ වගේ ඒකක ඉදි කරනවා. දැන් මට කිව්ව නුවර එළියෙත් පටන් ගන්නවලු. ඒ පැත්තෙ වැඩිපුර පැමිණිලි අපට එන්නෙ නැහැ. මේ වෙරළෙ තමයි සංචාරකයොන්ට වැඩිපුර පික් පොකට් ගහන්නෙ, අතින් අදින්නෙ, මුදල් ගසා කන්නෙ. මේවා ගොඩක් වාර්තා කරන්නෙ නැහැ. මොකද ඒ අය ටික දවසකින් ඒ අයගෙ රට වලට යනවා. නඩුවක් දැම්මොත් සාක්කි දෙන්න ආයෙ මෙහේ එන්න වෙන නිසා. ඒ නිසා තමයි අපට සංචාරක පොලිසි විවෘත කරන්න සිද්ධ වෙන්නෙ. ඒ වගේම මේ නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා, මේකෙ තියෙන ඒ.සී. එකට වෙලා බුදිය ගන්නෙ නැතුව, දවල් වරුවට වෙරළේ සංචාරයක නිරත වෙන්න කියලා. එහෙම පේන්න හිටියම තමයි සංචාරකයින්ට විශ්වාසය ඇතිවෙන්නෙ.

    මේ අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya