අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර හම්බන්තොට අධිවේගී මාර්ග කොටස අගෝස්තුවේ විවෘත කිරීමට සූදානම්

    මාර්තු 26, 2019

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් මේ වනවිට ව්‍යාපෘතියේ වැඩකටයුතු 90%ක් අවසන් බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්.කන්ඩම්බි මහතා සදහන් කරයි.

    එහි දිග කිලෝමීටර 96 ක්. වඟුරු බිම් බහුලව ඇති මෙම ප‍්‍රදේශයේ කුළුණු මතින් මාර්ගය ඉදිකරමින් පරිසර විනාශය අවම කරගැනීමට හැකිව ඇති බවයි කන්ඩම්බි මහතා සඳහන් කරයි.

    මාතර සිට හම්බන්තොට දක්වා මෙම කොටස ඉදිකිරීමත් සමඟ දකුණේ ආයෝජන, සංචාරක සහ සංවර්ධන කටයුතු වලට වැඩි අවස්ථාවක් හිමිවෙයි. හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට ගමන් කිරීම ද පහසු වන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි. මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 252 ක්. මංතීරු හතරකින් සමන්විත මාර්ගයේ ඉදිකිරීම් අදියර 4 ක් යටතේ සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya