මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජනයක් කරන විට මුළු රටම ගමක් ලෙස සිතිය යුතුයි- මුදල් රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 25, 2019

    රටේ ආයෝජනයක් කරන විට මුළු රටම ගමක් ලෙස සිතිය යුතු බවත් පොදු ජනතාවගේ පොදු ප්‍රවාහනය දියුණු කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ  පැවසී ය.
    තවදුරටත් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    .ආයෝජනය දෙස බලනවිට ආර්ථික කොහොමද ශක්තිමත් වෙන්නේ කියලා.මත්තල ගුවන් තොටුපල ගැන ආයෝජනයේ ප්‍රශ්න තිබෙනවා.ක්‍රීඩාංගන හැදුවා ක්‍රිකට් නෑ. සම්මන්ත්‍රණශාලා හැදුවා සම්මන්ත්‍රණ නෑ.වරායට නැව් ගේන්න අපි වෑයම් කරනවා.රට ගැන හිතන්න ඕන. මුළු රටම අපේ ගම කියලා හිතන්න ඕන විශාල ආයෝජන ගැන හිතනකොට.නගරයක කුඹුරක් හදන්නේ නෑ.

     

    ආයෝජනය ගැන හිතනකොට රටම ගැන හිතලා කරන්න ඕන. මේ රටේ ආර්ථිකය විවෘත කළේ එක්සත් ජාතික පක්ෂයයි.පෝසත් රටවල් කතා කරන්නේ ප්‍රවාහනය ගැනයි. දුප්පත් රටවල් කතා කරන්නේ වහන ගැනයි. පොදු ප්‍රවාහනය ආයෝජනය කළ යුතුයි.කෝටි 1350ක් වෙන් කර තිබෙනවා දුම්රිය මාර්ග සංවර්ධනයට. මේ රටේ වැසිකිළියක් නැති පවුල් 2,25000ක් හිටියා. මේ අයවැයෙන් මුදල් වෙන් කළා සනීපාරක්ෂාවට.ප්‍රධාන දුම් රිය ස්ථනවලට නවීන වැසිකිළි පද්ධතී ලබාදෙනවා.ඩිපෝ 61ම සනීපාරක්ෂක පහසුකම් හදන්න ඕන. අපට සැලැස්මක් තිබෙනවා. පොදු ජනතාවගේ පොදු ප්‍රවාහනය දියුණු කළ යුතුයි.වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහනයට ආයෝජනය කළ යුතුයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya