අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිමෙන්ති කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා 500ක්- තෙල් පිරිපහදු කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා1500ක්- මේ ව්‍යාපෘතිය සත්‍යයක්,යථාර්තයක්

    මාර්තු 24, 2019

    සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් සෘජු රැකියා 500ක් බිහි වෙනවා.පවුල් 2000කට සෙත සැලසෙනවා. තෙල් පිරිපහදු කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා 1500ක් හා වක්‍ර රැකියා 3000ක් අපේක්ෂා කරනවා යැයි නිවාස ඉදිකිරීම් හා සංකෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද (24) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති  උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    අග්‍රාමාත්‍යතුමාගේ උපන්දිනය වෙනුවෙන් හම්බන්තොට ජනතාව වෙනුවෙන් උණුසුම් සුබපැතුම්  පිරිනමනවා.අග්‍රාමාත්‍යතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයට දැවැන්ත තෑගි දෙකක් ජනතාවට ලබාදුන්  අවස්ථාව.සිමෙන්ති කර්මාන්තශාලාව ආරම්භ කරනවා. තෙල් පිරිපහදු කර්මාන්තශාලාව ආරම්භ කරනවා.

    මෙය  ලංකාවේ මෙතෙක් බිහි වූ දැවැන්ත ව්‍යාපෘති දෙකක්. හම්බන්තොට දිස්ත්‍රික්කයට දැවැන්ත ආර්ථික සමාජීය  අවස්ථාවක් ලැබෙන අවස්ථාවක්. සිමෙන්ති කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා 500ක් බිහි වෙනවා.පවුල් 2000කට  සෙත සැලසෙනවා. තෙල් පිරිපහදු කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා 1500ක් හා වක්‍ර රැකියා 3000ක් අපේක්ෂා  කරනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්කක් වන්නේ හම්බන්තොට උදාකරන්නයි.ඉදිරි වසර කීපය තුළ මේ දැවැන්ත ව්‍යාපෘති යථාර්තයක් බවට පත් කරනවා.ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අද මේ අවස්ථාවට එක් වුණා.  ඕමානය මේ ව්‍යාපෘතියට සහාය නොදෙන්නේ නම් ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා එන්නේ කොහොමද?  මේවා දේශපාලන කුහකත්වය මත පොහොට්ටු පක්ෂය කියන දේවල්. ජනතාවට ලැබෙන දේවල් අහිමි කරනවා.  මේ ව්‍යාපෘතිය සත්‍යයක්, යථාර්තයක් බවද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya