අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක්

    මාර්තු 24, 2019

    හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය

    ඉතිහාසයේ සංවර්ධනාය් නොවූ දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට දැන් සංවර්ධනය ආරම්භ කර තිබෙනවා.අද දින  හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන හතරක් වටිනා ව්‍යාපෘතිය අපේ රටේ ආර්ථික වර්ධනයේ වැදගත්  සංධිස්ථානයක්. හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් එදා සකස් කළත් ඉන් රට හෝ හම්බන්තොට  ජනතාවට ඵලදයි වුණේ නෑ.2015 පෙර ව්යාපෘති හැඩුවේ විශාල ණය කන්දකට රට තල්ලු කරමින්.

    ණය අරගෙන සංවර්ධන ක්‍රම දියත් කළාට ඉන් රටට ප්‍රයෝජනයක් නැති නම් එය සුදු අලි බවට පත් වෙනවා. අප  සෘජු ආයෝජන ලැබෙන පසුබිමක් ඇති කළා. ණය ගන්නවට වඩ සෘජු ආයෝජන රටට ගෙන ඒමට අවශ්‍ය වටපිටාව සැකසීම වැදගත් වෙනවා. ලංකා ඉදිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූ අවුරුද්ද 2018 යි. ජනතාව බලගැන්වීමත් ,ආර්ථිකය පහළට ගලා යෑමත් දුප්පත් කම දුරු කරමින්  ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීම අග්‍රාමාත්‍යතුමාගේ ආර්ථික දැක්මයි.අද සුවිශේෂී දවසක්.අද එතුමගේ 70 වැනි ජන්ම දිනය
    යෙදී තිබෙනවා. එතුමාගේ ආර්ථික දැක්මේ කොටස් කරුවෙක් වීමට හැකි වීම ගැන සතුටු වෙනවා'' යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya