අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේවහුව වැව ප්‍රතිසංස්කරණයට රු මිලියන 180ක්

    මාර්තු 24, 2019

    ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ගලේවෙල දේවහුව වැව හා ප්‍රධාන ඇල මාර්ගය ප්‍රතිසංසකරණයට රුපියල් මිලියන 180ක ප්‍රතිපාදන වෙන් වී ඇති බව වාරිමාර්ග ඉංජිනේරු රුවන් වීරසුරිය මහතා පැවැසීය.

    2019 වර්ෂය සදහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් වී ඇති බවත් එම රු. මිලියන සියයෙන් වැවේ සිට ජලය සැපයෙන ප්‍රධාන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. 2019 වර්ෂය සදහා වෙන් වී ඇති රු. මි. 80න් ප්‍රධාන බැම්ම, පිටවාන, හා සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව විරසුරිය මහතා පැවැසීය. ලෝක බැංකු ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන අතර දේවහුව වැවෙන් කුඹුරු අක්කර 3000 ට අධික ප්‍රමාණයක් වගා කෙරේ.

     මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මෙම තොරතුරු අනාවරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya