අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවයට ජනපති එක්වෙයි

    මාර්තු 23, 2019

    ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථෙරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද (23) අතිපූජනීය ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී පැවැත්වෙයි.

    මෙම ඓතිහාසික අවස්ථාවට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.අතිපූජ්‍ය මහා සංඝරත්නය ප්‍රධාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියි

    නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ති‍්‍රපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගිය දා කටයුතු කළ අතර, ඉන් නොනැවතී උතුම් ති‍්‍රපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya