අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු පාර්ශවයන් එකතු වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනමාධ්‍ය නියාමනයකට අප එකඟ විය යුතුයි

    මාර්තු 23, 2019

    ජනමාධ්‍ය නියාමනයකට අප එකඟ විය යුතුයි. සියලු පාර්ශවයන් එකතු වූ ප්‍රජාතන්ත්‍රවාදී නියාමනයට එකඟ විය  යුතුයි.ජනමාධ්‍ය දැවැන්ත ආචාර ධර්ම හැසිරවීමට ගොනුවීමට කාලය එළඹ සිටිනවා.ජනමාධ්‍ය වගකීමෙන්  තොරව භාවිතා කිරීම නිසා බරපතල සමාජ ආපදාවකට ලක්වෙලා යැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය කැබිනට් නොවන  අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    අපේ රජය ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔස්සේ ලබාදුන් ජනතා ජයග්‍රහනය තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය පනත  සම්මත කර එය ක්‍රියාත්මක කිරීම. සියලු මහජන ආයතන සුපරික්ෂාකාරනයට ලක්වන ක්‍රමයක් ඇතිවෙමින් තිබෙනවා.අද රටේ රාජ්‍ය නිලධරීන් හා  ජනතාව පනත ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා.

    විශාල ජයග්‍රහනයක් ලැබුවා, ජනමාධ්‍ය වෘත්තිකයන්ට නිදහසේ ලියන්න කියන්න අඳහස් ප්‍රකාශ කරන්න නිදහස්  ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය මේ රටේ ඇති කළා. එදා ජනමාධ්‍යවේදීන්ට තර්ජන කළා. කොන්ඩ කැපුවා.  ජනමාධ්‍යවෙදීන් රට හැර ගියා. නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට හැකියාව ලැබුණා. ප්‍රසස්ථ  ජනමාධ්‍ය භාවිතාවක් රටේ තිබෙනවාද කියලා අප බැලිය යුතුයි. ඒ පිළිබඳ සතුටු විය හැකි තැනක නෑ. සමජ  වගකීම් න්‍යාය තිබෙනවා. රාජ්‍ය හ පුද්ගලික ආයතන බේදයකින් තොරව උත්සහ කරන්නේ වගකිමෙන් ප්‍රථම  ජනමාධ්‍ය කියලා ඉදිරියට යන්නේ කවුද? බරපතල සමාජ ආපදාවක් ජනමාධ්‍ය වගකීමෙන් තොරව භාවිතා කිරීම  නිසා සිදු වී තිබෙනවා.

    අපරාධ වින්දිතයින් සම්බන්ධයෙන් අපේ සංවේදී බව අඩුයි. දේශපාලන වැඩසටහන්වලින් බාල කුණු රසයක්  ලබාදෙන එකයි. ඒවා කුකුළන් කෙටවීම කියලා හැදින්වීම හොඳයි. පුරුදු පුහුණු රසිකත්වයක් රටේ ඇති කළ  යුතුයි. අවරගනයේ ටෙලි නාට්‍ය, මතවාද, මිත්‍යා ප්‍රචාරය කරගෙන යනවා. නිදහස් ජනමාධ්‍ය වාතාවරණය රටේ  ඇති කර තිබෙනවා. ජනමාධ්‍ය නියාමනයකට අප එකඟ විය යුතුයි. විද්‍යුත් මාධ්‍ය නියාමනයට වැඩපිළිවෙලක් නෑ.  සියලු පාර්ශවයන් එකතු වූ ප්‍රජාතන්ත්‍රවාදී නියාමනයට එකඟ විය යුතුයි .සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කරන  ආචර ධර්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් අවශ්‍යයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya